නිමල් රාජපක්ෂ
රිය අනතුරු වලක්වාලීම සඳහා රජය මගින් ආරම්භ කරන ලද ‘පරිස්සමින් ගිහින් එන්න’ ‘මාර්ග ආරක්ෂණ ක්‍රියාකාරී සැලැස්මේ 2025-2026’ ජාතික වැඩසටහනේ දිගුවක් ලෙස ආරම්භ කරන ලද ‘තවත් ටිකක් පරිස්සමින්’ ව්‍යාපෘතිය සඳහා අඛණ්ඩ අනුග්‍රාහක දායකත්වය ලබාදීමට ජාතික ලොතරැයි මණ්ඩලය විසින් තීරණය කර ඇත.
කොත්මලේ ප්‍රාදේශීය සභාව විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවට අනුව ඉහත ව්‍යාපෘතිය සඳහා අරමුදල් සැපයීමට අදාල අවබෝධතා ගිවිසුම අත්සන් කිරීම අද .14) දින ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යංශයේ ලේකම් මහාචාර්ය කපිල සී. කේ. පෙරේරා මහතාගේ ප්‍රධානත්වයෙන් බත්තරමුල්ල, කොස්වත්ත පිහිටි මහාමාර්ග අමාත්‍යංශයීය ශ්‍රවණාගාරයේදී සිදු කෙරිණි.
මීට අදාල ගිවිසුම සඳහා ජාතික ලොතරැයි මණ්ඩලය වෙනුවෙන් එහි සභාපති එම්. ඩී. සිරිල් ඇන්තනි පෙරේරා මහතා සහ කොත්මලේ ප්‍රාදේශීය සභාව වෙනුවෙන් එහි සභාපති එම්. ජී. ඒ. කේ. මුරමුදලි මහතා අත්සන් තැබූහ.
රට තුල සිදුවන මාර්ග අනතුරු අවම කරගැනීම වෙනුවෙන් දියත් කර ඇති ජාතික වැඩසටහන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස මට්ටමින් දියත් කිරීම සඳහා රාජ්‍ය අංශයේ සහ පෞද්ගලික අංශයේ දායතක්වය ලබා ගනිමින් ප්‍රවාහනයේ ආරක්ෂාව සහතික කිරීම මෙම වැඩසටහනේ අරමුණයි.
කොත්මලේ ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය තුළ මාර්ග පද්ධතියේ අවදානම් ස්ථාන සඳහා මාර්ග සංඥා පුවරු, උපදේශාත්මක පුවරු සහ අවතල දර්පණ සවිකිරීම ඇතුලු ආරක්ෂිත ක්‍රමවේදයක් සම්පාදනය වෙනුවෙන් ජාතික ලොතරැයි මණ්ඩලයේ දායකත්වය ලබාදීමට නියමිතය.
මෙම අවස්ථාවට ජාතිත ලොතරැයි මණ්ඩලයේ සාමාන්‍යාධිකාරි ඒ. එම්. අරිෆ්, අතිරේක සාමාන්‍යාධිකාරි නීතිඥ සංජීව එදිරිසිංහ යන මහත්වරු සහ ජාතික මාර්ග ආරක්ෂණ ව්‍යාපෘතියේ නිලධාරීහු රැසක් එක්ව සිටියහ.
