Spread the love

මීගමුව – කොළඹ මාර්ගයේදී හදිසි මාර්ග බාධකයක් යොදා ඊයේ (03) උදෑසනවාහන පරීක්ෂාවදී සැක සහිත වෑන් රථයක් පරීක්ෂා කිරීමේදී තීරු බදු රහිතව මෙරටට ගෙන්වන ලද ජංගම දුරකථන තොගයක් සමග පුද්ගලයින් දෙදෙනෙකු පොලිස් විශේෂ කාර්ය බලකාය අත්අඩංගුවට ගෙන ඇත.

මෙහිදි භාවිත නොකරන ලද ජංගම දුරකතන 246 ක් සහ විදෙස් රටවල භාවිත කළ ජංගම දුරකථන 77 ක් මෙහිදී පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් සිය භාරයට ගෙන ඇත.

සැකකරුවන් දෙදෙනා සහ වෑන් රථය අත්අඩංගුවට ගෙන පෑලියගොඩ පොලීසියට ඉදිරිපත් කර ඇති අතර, මෙම සැකකරුවන් කොළඹ 12 සහ වත්තල යන ප්‍රදේශවල පදිංචි වයස අවුරුදු 21 සහ 43 වයසෙහි පසුවන අය බවට වාර්තාවෙයි.
සිද්ධිය පිළිබද පෑලියගොඩ පොලිසිය වැඩි දුර පරික්ෂණ පවත්වයි