Spread the love

තවත් අපරික්ෂාකරී රියදුරෙක් නිසා සිදුවූ අනතුරක්, තවත් ඛේදනීය ඉරණමක් ගැනයි කියන්න යන්නේ..

වෙන්නප්පුව, දුම්මලදෙණිය ප්‍රදේශයේ දී මෙම අනතුර සිදුවුණේ වෑන් රථයක් පාලනයෙන් ගිලිහී ගොස් මාර්ගයෙන් ඉවතට පැණීම නිසායි..

මෙහිදී තිදෙනෙකු අනතුරට පත් වූ අතර එක් අයෙකුට දිවි අහිමි වුණා.

කාන්තාවක් සහ දැරියන් දෙදෙනෙක් මෙම අනතුරට මුහුණදුන් අතර ඉන් 16 හැවිරිදි දැරිය ජීවිතක්ෂයට පත් වුණා..

මෙම දරුවන් දෙදෙනා මාර්ගය අසල සරුවත් විකුණමින් සිටින විටයි මේ අනතුරට මුහුණ දී තිබුණේ..

මියගිය දැරිය වෙන්නපුව ප්‍රදේශයේ පදිංචිකාරිණියක්..

අදාල සිද්ධිය සම්බන්ධයෙන් රියදුරු මේ වනවිට පොලීසිය විසින් අත් අඩංගුවට ගෙන තිබෙනවා..