මේ වසරේ මාර්තු මාසයේ උද්ධමනය 0.9 ක් බවත් , ආහාර නොවන ඛාණ්ඩයේ උද්ධමනනය – 0.5 ක් බවත් මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජික් සියඹලාපිටිය මහතා පවසයි.
පසුගියදා එළි දැක්වූ නවතම මහ බැංකු වාර්තාව සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කිරීම සඳහා අද පෙරවරුවේ රුවන්වැල්ලදී පැවැත්වූ මාධ්‍ය හමුවකදී අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.
එහිදී අදහස් දැක්වූ අමාත්‍යවරයා සඳහන් කළේ 2023 පෙබරවාරි මාසයේ ඩොලර් මිලියන 162 ක්වූ සංචාරක ඉපයීම් ප්‍රමාණය මේ වසරේ පෙබරවාරි මාසයේදී ඩොලර් මිලියන 346 දක්වා එනම් 113.9 % කින් ඉහළ ගොස් ඇති බවයි.
2022 කොටස් වෙළඳපල ශුද්ධ ඉපයීම් වලින් පසු ඉහළම ඉපයීම් මෙම වසරේ පෙබරවාරි මාසයේදී වාර්තා කර ඇති බව පෙන්වා දුන් අමාත්‍යවරයා , එම අගය මුල් කාර්තුව තුළ 7.2 % ක කොටස් වෙළඳපල වර්ධනයක් ළඟා කරගෙන ඇති බවයි ඔහු පැවසූයේ..
අපනයන අංශයේද 2023 පෙබරවාරි සිට මේ වසරේ පෙබරවාරි දක්වා 7.9 % ක වර්ධනයක් ලඟාකරගෙන ඇති බව සඳහන් කළ අමාත්‍යවරයා , එම වකවානුව තුළ ඇඟලුම් ක්ෂේත්‍රයද 10.8 % කින් වර්ධනය වී ඇති බව සඳහන්කළේය.
විදේශ ප්‍රේෂණ ප්‍රමාණයද එම වකවානුව තුළ ඩොලර් මිලියන 407 සිට ඩොලර් මිලියන 476 දක්වා එනම් 16.9 % ක වර්ධනයක් පෙන්නුම් කර ඇති බව සඳහන් කළ අමාත්‍යවරයා , ඉහත වකවානුව තුළ රුපියලේ අගයද 17 % කින් වර්ධනය වී ඇති බව සඳහන් කළ අතර එය මේ වර්ෂය තුළ පමණක් 7.6 % කින් වර්ධනය වී ඇති බව සඳහන් කළේය.
රටේ නිල සංචිත ප්‍රමාණයද 2023 පෙබරවාරි මාසයේදී ඩොලර් බිලියන 2.2 ක් ලෙස පැවතියද එය මේ වසරේ පෙබරවාරි මාසය වන විට ඩොලර් බිලියන 4.5 දක්වා වර්ධනය වී ඇති බවත් , එය 104 % ක වර්ධනයක් බවයි ඔහු පෙන්වා දෙන්නේ
