නිමල් රාජපක්ෂ
අධ්‍යාපනය යනු සාමුහික ව දැනුම බෙදා ගැනීමේ ක්‍රියාවලියක් බවත්, මිනිසුන් දේශපාලන, සමාජ සහ ආර්ථික වශයෙන් එක් කිරීමට හැකියාව ඇත්තේ අධ්‍යාපනයට බවත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය.
කොළඹ ගාලුමුවදොර හෝටලයේ අද 18) පැවති හරිත සංක්‍රාන්තිය තුළ අධ්‍යාපනයේ කාර්යභාරය සම්බන්ධව ආසියා, මැදපෙරදිග, පැසිෆික් කලාපයේ රටවල් අතර සහයෝගීතාවය ඇති කර ගැනීමේ සම්මන්ත්‍රණය අමතමින් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මේ බව පැවසීය.
යුරෝපීය සංගමය විසින් අරමුදල් සපයනු ලබන Erasmus+ වැඩසටහන, අධ්‍යාපනය, පුහුණුව, තරුණයින් සහ ක්‍රීඩා යන ක්ෂේත්රවල ජාත්‍යන්තර සහයෝගීතාව සඳහා ලොව ප්‍රමුඛතම වැඩසටහනකි. රටවල් අතර සංචලතාව, අන්තර් සංස්කෘතික හුවමාරුව, ධාරිතා සංවර්ධනය සහ ප්‍රතිපත්ති සංවර්ධනය ප්‍රවර්ධනය කිරීම මෙහි අරමුණුයි.
මෙම වැඩසටහන මගින් ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනය, වෘත්තීය පුහුණුව, තරුණ සංවර්ධනය සහ ආයතනික හවුල්කාරිත්වයන් සඳහා සහයෝගීතාව සහ අරමුදල් සැපයීම සඳහා අවස්ථා නිර්මාණය කරන අතර මෙම සම්මන්ත්‍රණය මේ මස 18 සිට 20 දක්වා කොළඹ ගෝල්ෆේස් හෝටලයේදී පැවැත්වේ.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය
පශ්චාත් යටත් විජිතවාදයේ උරුමයක් ලෙස අපට ලැබුණු අධ්‍යාපනයේ ප්‍රතිඵලයක් ලෙස අපේ රට ඉහළ සාක්ෂරතා අනුපාත ඇති රටක් බවට පත්වෙලා තිබෙනවා.
නමුත් වර්තමානය වන විට අධ්‍යාපනය පුද්ගල සාර්ථකත්වය සහ ජයග්‍රහණය පමණක් ඉලක්ක කරගත් දෙයක් බවට පත් වී තිබෙනවා. මේ නිසා, අධ්‍යාපනයේ සැලසුම් සහ මූලධර්ම තරඟකාරිත්වය මත පදනම් වෙලා තිබෙනවා.
එහි ප්‍රතිපලයක් ලෙස අපේ අධ්‍යාපන රටාව අතිශයින්ම තරඟකාරී සහ විභාග කේන්ද්‍ර කරගත් එකක් වෙලා, අධ්‍යාපනය යනු තනි පුද්ගල ජයග්‍රහණය පමණක්ම ඉලක්ක කරගත් ක්‍රියාවලියක් නෙමෙයි.
අප දැන් උත්සාහ කරන්නේ මෙම ක්‍රමයෙන් ඈත් වෙලා අධ්‍යාපනය හුදෙක් උසස් ලකුණු ලබා ගැනීමක් පමණක් නොවී, සාමූහික දැනුම බෙදාගැනීම සහ පරිවර්තනීය අධ්‍යාපනයේ සැබෑ අරමුණ යථා තත්ත්වයට පත් කිරීමටයි.
අධ්‍යාපනයට ඇති පරිවර්තනීය බලය බොහෝ විට අපට අමතක වෙනවා. එය පුද්ගල ජයග්‍රහණයට එහා ගිය දෙයක්. මිනිසුන් දේශපාලන, සමාජ -ආර්ථික වශයෙන් එක් කිරීමට අධ්‍යාපනයට හැකියාව තිබෙනවා. ඒ නිසා අන්‍යෝන්‍ය බලාපොරොත්තුවක් සහ අන්‍යෝන්‍ය සාර්ථකත්වයක් ඇති ක්ෂේත්රයක් බවට අධ්‍යාපනය පත් කිරීම ඉතා වැදගත්
යුරෝපා සංගමයේ මෙරට තානාපති කාමෙන් මෙරීනෝ, අධ්‍යාපන උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් නාලක කළුවැව, ඇතුළු කලාපීය නියෝජිතයින් රාජ්‍ය නිලධාරීන් මෙම අවස්ථාවට සහභාගී විය.
