Spread the love

නිමල් රාජපක්ෂ

මිලියන 100 අයිස් සමගින් කාන්තාවක් කටුනායකදි අත්අඩංගුවට

මැලේසියාවේ සිට මෙරටට පැමිණි කාන්තාවකගේ ගම්න් බෑගයේ තිබී රුපියල් මිලියන 100 ක් වටිනා මත්ද්‍රව්‍ය තොගයක් ඊයේ රාත්‍රීයේ ගුවන් තොටුපල රේගු මත්ද්‍රව්‍ය පාලන ඒකකයේ නිලධාරින් අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය තොගයේ කිලෝ පහක් බරති අයිස් Methamphetamine) (ICE)මත්ද්‍රව්‍ය තිබු රේගු මාධ්‍ය ප්‍රකාශක අතිරේක රේගු අධ්‍යක්ෂ ජෙනරාල් සීවලි අරුක්ගොඩ මහතා පවසයි.

මෙම කාන්තාව තායිලන්ත විදේශ ගමන් බලපත්‍රයක් ඇති අතර ඊයේ රාත්‍රී 11.55 ට පමණ සිංගප්පූරු ගුවන් සේවයට අයත් SQ468 දරණ ගුවන් යානයෙන් මැලේසියාවේ ක්වාලාලම්පූර් සිට සිංගප්පූරුව හරහා ශ්‍රී ලංකාවට පැමිණ ඇත.
සැකකාර කාන්තාවගේ වයස අවුරුදු 33 කි.
රේගු මත්ද්‍රව්‍ය නිවාරණ ඒකකයේ නිලධාරීන් අදාල කාන්තාව සමග මත්ද්‍රව්‍ය තොගය වැඩි දුර පරික්ෂණ පැවැත්විම සදහා පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශය වෙත භාරදී තිබේ.