Spread the love


නිමල් රාජපක්ෂ

කළුතර කලමුල්ල ප්‍රදේශයේ නිවසක ඉතා රහසිගතව පවත්වාගෙන ගිය මත්පැන් නිස්පාදනාගාරයක් වටලා රුපියල් ලක්ෂ 3ක් වටිනා මත්පැන් තොඟයක් සමගින් එක් සැකකරුවක් කළුතර සුරාබදු නිලධාරීන් ඊයේ (19)අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් මත්පැන් තොගයේ කසිප්පු ස්ප්‍රීතු බෝතල් 114 ක්, ගෝඩා මිලිලීටර් ලක්ෂ අටක් තිබු බව කළුතර සුරාබදු ස්ථානාධිපති ප්‍රදීප් ජයවර්ධන මහතා පවසයි.

සැකකරු නිවසේ කුස්සියේ ඉතා සුක්ෂම ලෙස මත්පැන් නිෂ්පාදන කරගෙන යන අතර නිෂ්පාදිත මත්පැන් කලමුල්ල ප්‍රදේශයට බෙදා හරින බවද ප්‍රශ්න කිරීමේ දි අනාවරණය වි තිබේ
අත්අඩංගුවට ගත් සැකකරු කළුතර අධිකරණය වෙත ඉදිිරිපත් කිරීමෙන් පසු මහේස්ත්‍රාත් වරයා සැකකරුට රුපියල් එක්ලක්ෂ හැට දහසක දඩ මුදලක් ගෙවන ලෙස නියම කොට ඇත.

බස්නාහිර පලාත 11 සහකාර සුරාබදු කොමසාරිස් සමන්ත කොස්තා මහතාගේ උපදෙස් මත , සුරාබදු අධිකාරී සුදත් කොලන්න මහතාගේ අධික්ෂණයෙන් ,කළුතර සුරාබදු ස්ථානාධිපති ප්‍රදීප් ජයවර්දන මහතා ගේ මෙහෙයවීමෙන් සුරාබදු පරික්ෂක ධම්මික චතුරංග , සැරයන් කෝසල කෝප්‍රල් රාහුල්, උමේෂ් , නියාමක රාජපක්ෂ, රියදුරු වරුණ යන නිලධාරීහු මෙම වැටලිම සිදු කළහ.

වීඩියෝව නරඹන්න subscribe කරන්න