මෙවර පියයුරු පිළිකා දැනුවත් කිරීමේ මාසය ඔක්තෝබර් මාසයට යෙදී ඇත.
ශ්‍රී ලංකාවේ කාන්තාවන් අතර බහුලව දක්නට ලැබෙන පිළිකාව පියයුරු පිළිකාවයි.
2020 දී නව කාන්තා පියයුරු පිළිකා රෝගීන් 5189 ලෝක හදුනාගෙන ඇති අතර එය කාන්තාවන් අතර ඇති සියළුම පිළිකා රෝගීන්ගෙන් 26%ක් පමණ වේ.
ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුව වසරකට මිලියන 2.3 ට වැඩි ප්‍රමාණයක් පියයුරු පිළකා ඇති වේ.
මේ අනුව 2040 වනවිට පියයුරු පිළිකාවෙන් ජීවිත මිලියන ගණනක් බේරා ගැනීම සදහා පියයුරු පිළිකාව කලින් හදුනා ගැනීම, ඉක්මන් රෝග විනිශ්චය සහ ඉක්මනින් සුදුසු ප්‍රතිකාර සදහා යොමු කිරීම මගින් ඉහත සදහන් ඉලක්කය සපුරා ගැනීම අරමුණු කරගනිමින් සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය, ජාතික පිළිකා මර්දන වැඩසටහන හා එක්ව මාධ්‍ය සාකච්ඡාවක් සංවිධානය කර තිබුණා.
