Spread the love

මේ වසර අග හෝ ලබන වසර මුල වන විට යළි වාහන ආනයනට අවසර දීමට බලාපොරොත්තු වන බව මුදල් අමාත්‍යාංශය පවසයි.

මේවන විට ඊට අවශ්‍ය කටයුතු සම්පාදනය කරමින් සිටියි.
මේ අතර සේවක අර්ථසාධක අරමුදල සඳහා ගෙවනු ලබන පොලී අනුපාතය 13% ක් දක්වා ඉහළ දැමීමට රජය තීරණය කර ඇතිබව මුදල් රාජ්‍ය අමාත්‍යංශය පවසයි.

2023 වර්ෂය සඳහා සේවක අර්ථසාධක අරමුදල ආයෝජනය කර උපයාගත් මුදල්වලින් එම පොලිය ඉහළ දැමීමට තීරණය කර තිබේ.

මීට පෙර සේවක අර්ථසාධක අරමුදල සඳහා ගෙවනු ලැබුවේ  9% ක පොලියක පොලියකි.
මේ වන විට සේවක අර්ථසාධක අරමුදල යටතේ සාමාජිකයින් ලක්ෂ 27ක් ලියාපදිංවී සිටීයි.