Spread the love

විමර්ශනයක් සඳහා අවශ්‍ය පුද්ගලයෙකු සොයාගැනීම සඳහා ශ්‍රී ලංකා රේගුව මහජන සහාය පතයි.

මෙම ඡායාරූපයේ සිටින පුද්ගලයා පිළිබඳව තොරතුරක් වෙතොත් මධ්‍යම බුද්ධි අංශයට දැනුම් දෙන ලෙස ශ්‍රී ලංකා රේගුව මහජනතාවගෙන් ඉල්ලා සිටී.

මොහමඩ් නාසීර් මොහමඩ් ආදිල් යන නමින් හඳුන්වන මොහු අවසන් වරට පදිංචිව සිටි ලිපිනය ලෙස අංක 51, කාමෙල් මාවත, කොල්ලුපිටිය, කොළඹ 03 හඳුනාගන ඇත.

මෙම පුද්ගලයා පිළිබඳ යම් තොරතුරක් ඇත්නම් 0112471471, 0112431854 හෝ 0704387112 යන දුරකථන අංක ඔස්සේ මධ්‍යම බුද්ධි අංශයට දැනුම්දිය හැක.