Spread the love

හුන්නස්ගිරිය මීමුරේ මාර්ගයේ පුස්සේ ඇල ප්‍රදේශයේදී මොටර් රථයක් මාර්ගයෙන් ඉවතට පැන පෙරළී යාමෙන් එහි සිටි දෙදෙනකු මියගොස් තවත් දෙදෙනකු තුවාල ලබා ප්‍රතිකාර සදහා මැද මහනුවර රෝහලට ප්‍රතිකාර සදහා ඇතුළු කර තිබේ.

අනතුර සිදුවී ඇත්තේ පෙරවරු 11.30 පමණය .අනතුර සිදුවන අවස්ථාවේ මෝටර් රථයේ පුද්ගලයින් සිව් දෙනෙකු ගමන් කර තිබේ.

අනතුරින්රුසියානු ජාතිකයකු (අවුරුදු 28ක’) තරුණයෙක් අනතුරින් එම ස්ථානයේදීම මියගොස් ඇති අතර වයස අවුරුදු 55ක කටුගස්තොට ප්‍රදේශයේ කාන්තාවක්  රෝහලට රැගෙනඑන අතරතුර මියගොස් තිබේ

සිද්ධිය සම්බන්ධයෙන් උඩදුම්බර පොලීසිය වැඩි දුර පරීක්ෂණ සිදුකරයි.