නිමල් රාජපක්ෂ-
ඹක්තෝඹර් මාසයේ සිට ඊශ්‍රායලයේ ආකියා; (Arkia) ගුවන් සේවයට අයත් ගුවන්යානා ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බව වරාය නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසයි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ඊශ්‍රායල් රජය අතර පැවති සාකච්ඡාවක ප්‍රතිඵලයක් ලෙස දෙරට අතර ගුවන් සේවාවන් ආරම්භ කිරීමට අවස්ථාව ලැබුණු බවත් ,ඒ අනුව දෙරටේ සිවිල් ගුවන්සේවා අංශ අතර අවබෝධතා ගිවිසුමක් නුදුරේදී අත්සන් කිරීමට නියමිතය බවත් ඇමතිවරයා වැඩි දුරටත් පැවසුවේය.
ඊශ්‍රායලයේ තෙල්අවිව් නුවර සිට කටුනායක දක්වා ප්‍රථම වරට සෘජු මගී ගුවන් සේවා ආරම්භ කිරීම පිළිබඳව දෙරටේ සිවිල් ගුවන්සේවා අංශ අතර විශේෂ සාකච්ඡාවක් වරාය නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ සවස අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි.
ඒ අනුව නව ගුවන් සේවාව ආරම්භ කිරීම පිළිබඳව පවතින ගැටලු නිරාකරණය කරගනිමින් එකඟතාවයක් සඳහා පැමිණිමට දෙරටේ සිවිල් ගුවන්සේවා අංශ දීර්ඝ වශයෙන් සාකච්ඡා කරන ලදී .
ඊශ්‍රායලයෙන් පැමිණි ගුවන්සේවා අංශයේ නියෝජිතයින් විශේෂයෙන් වැඩි අවධානයක් යොමුකරන ලද්දේ ගුවන් මෙහෙයුම් කටයුතු ආරම්භ කිරීමේදී ,කටුනායක ගුවන් තොටුපල සහ අවට පරිශ්‍රයේ පවතින ආරක්ෂක තත්ත්වයන් පිළිබඳවය.
ඊශ්‍රායල් සංචාරකයින් විශාල පිරිසක් ශ්‍රී ලංකාවට පැමිණීමට බලාපොරොත්තුවෙන් සිටින බවත් , මෙම ගුවන් සේවාව ආරම්භවීම ඊශ්‍රායල් සංචාරකයින්ට මහත් පහසුවක් වන බව පැවසීය . එමෙන්ම ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් විශාල පිරිසක් ඊශ්‍රායලයේ විවිධ රැකියාවල නිරත වනබව පැවසූ අමාත්‍යවරයා මෙම ඍජු ගුවන් සේවාව මගින් ඔවුන්ට විශාල පහසුවක් මෙන්ම ගුවන් ටිකට් පත්‍ර මිල දී ගැනීමේදී මුල්‍යමය ලාභයක් ලැබෙන බවත් පැවසීය.
මෙම සාකච්ඡාවන්ට අමාත්‍යාංශ ලේකම් කේ. ඩී.එස් රුවන්චන්ද්‍ර සිවිල් ගුවන්සේවා අධිකාරියේ අධ්යක්ෂ ජනරාල් පී.කේ ජයකාන්ත යන මහත්වරුන් ඇතුළු නිලධාරීන් පිරිසක් ද , ඊශ්‍රායලයේ ගුවන් ප්‍රවාහන අංශයේ ජ්‍යෙෂ්ඨ අධ්යක්ෂ ඉෂායි ඩොන් – යෙහියා (Ishay Don-Yehiya) මහතා ඇතුළු,නියෝජිතයින් අට දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් ද සහභාගි විය
