Spread the love

මුල්කිරිගල ගුනරත්න

යතුරු පැදි දෙකක් බෙලිඅත්ත පට්ටියවෙල ප්‍රජා ශාලාව අසලදී ඊයේ (12) සවස 6 ට පමණ මුහුණට මුහුණලා ගැටීමෙන් යතුරු පැදි කරුවන් දෙදෙනාම තුවාල ලබා ප්‍රතිකාර සදහා රෝහල් ගත කර තිබේ.
මෙහිදි එක් තුවාල කරුවකු වුයේ යතුරුපැදියක ගමන් ගත් පොලිස් කොස්තාපල්වරයෙකු වන අතර ඹහු බරපතල තුවාල ලබා ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලටත්
එකිනෙක ගැටුනු අනෙක් යතුරුපැදියේ ගමන් ගත් 47 හැවිරිදි පුද්ගලයාත් තුවාල ලබා ඇති අතර ඹහු ප්‍රතිකාර සදහා තංගල්ල මූලික රෝහලට ඇතුළත් කර තිබේ .
සිද්ධිය පිළිබද බෙලිඅත්ත පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක නිශාන්ත සිල්වා මහතාගේ උපදෙස් පරිදි රථවාහන අංශයේ නිළධාරින් වැඩිදුර පරීක්ෂණ පවත්වයි .