Spread the love

යුක්ති මෙහෙයුමට සමගාමීව 2024.01.10.වන දින ත්‍රීකුණාමලය කොට්ඨාස අපරාධ දූෂණ මර්ධන ඒකකය මගින් සිදුකරන ලද වැටලීමකදී කෝපායි පොලිස් ස්ථානයට අනුයුක්තව රාජකාරි කරනු ලබන පොලිස් කොස්තාපල් 99067 එම්. අභිමාන් නිළධාරියා අයිස් මත්ද්‍රව්‍ය 50g ක් සමග අත්අඩංගුවට ගෙන ඇත.

මෙම නිළධාරියා 2021.09.01 දින පොලිස් සේවයට බැදි මුලික පුහුණුව හදාරා කෝපායි පොලිස් ස්ථානයට අනුයුක්තව රාජකාරි සිදුකර ඇති අතර, නිළධාරියා නිවාඩු ලබා පිටව ගොස් අසනීප බවට දන්වා සේවයට වාර්තා නොකර සිටියදී මෙලෙස පොලිස් අත්අඩංගුවට පත්ව ඇත.