රජයේ විධායක නිලධාරින්ට ලබා දෙන මාසික විධායක දීමනාව රුපියල් 10000 කින් ඉහළ නැංවීමට තීරණය කළ බව රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු හා පලාත් පාලන අමාත්‍යාංශය පවසයි.
ඒ අනුව රුපියල් 15000 ක් වූ ඔවුන්ගේ දීමනාව රුපියල් 25000 ක් දක්වා ඉහළ යනු ඇතිබව පවසයි.
ලබන මස පළමුවැනිදා සිට නව සංශෝධනය ක්‍රියාත්මක වෙයි. ඊට අදාළ චක්‍රලේඛනයද ඊයේ (27) නිකුත් විය.
කෙසේ වෙතත් තම ඉල්ලීම්වලට රජය මෙතෙක් ප්‍රතිචාර දක්වා නොමැති බව රජයේ විධායක නිලධාරින්ගේ ඒකාබද්ධ කමිටුවේ විධායක කමිටු සාමාජික සම්පත් දේශප්‍රිය මහතා පැවසීය
