Spread the love

රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය විසින් නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනයක් මෙහි දැක්වෙයි

අතීතයේදිත්, අනාගතයේදිත් පෙනී සිටිමට කිසිසේත්ම නොපැකිලෙමු.

එහෙත් තව දුරටත් නීතිය ක්‍රියාත්මක කිරීම ප්‍රමාද වන්නේ නම් සහ මේ වන විට තාවකාලිකව වසා දමා ඇති තිරුක්කෝවිල් රෝහලේ පවතින අනාරක්ෂිත තත්ත්වය සමනය නොවන්නේ නම් එම රෝහල සම්පූර්ණයෙන් වසා දැමීමේ තත්ත්වයකට පවා යොමු විය සිදු විය හැකි අතර එවන් පසුබිමකදි ප්‍රදේශයේ අහිංසක රෝගී ජනතාවට ඇති වන හිරිහැර සහ බලපෑම් සම්බන්ධයෙන් මෙම සිදුවීමට නීතිය ක්‍රියාත්මක කිරීම අවහිර කරන සියලු කණ්ඩායම් වගකිව යුතු බව දැඩිව අවධාරණය කරමු.

පවතින තත්ත්වයට සංකේතාත්මක විරෝධයක් පල කරමින් හෙට දින උදෑසන 8.00 සිට කල්මුනෙයි ප්‍රාදේශීය සෞඛ්‍ය‌ සේවා අධ්‍යක්ෂ කාර්යාලයට අයත් රෝහල් සියල්ලෙයි වැඩවර්ජන ක්‍රියාමාර්ගයක් ආරම්භ කිරීමට නියමිතය.

ප්‍රමාද වී හෝ නීතිය ක්‍රියාත්මක කරමින් තම සද්භාවය තහවුරු කිරීමටත්, රෝහල තුල ආරක්ෂාව සහතික කිරීමටත් බලධාරීන් ගන්නා ක්‍රියාමාර්ග පිළිබඳ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ලෙස දැඩි අවධානයෙන් පසු වන බව අවධාරණය කරමු.

ස්තූතියි.

මීට විශ්වාසී,
වෛද්‍ය හරිත අලුත්ගේ
ලේකම්.
රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය