Spread the love

නාගොඩ- සුමන

ආබාධිත රණවිරුවන් සහ රණවිරු පවුල් වෙත සංශෝධිත සලාක දීමනා ලබාදීමට අවශ්‍ය කටයුතු මේ වනවිට සූදානම් කර ඇතැයි ආරක්ෂක අමාත්‍යංශය පවසයි.

ඒ අනුව ත්‍රස්තවාදී ක්‍රියා හේතුවෙන් ආබාධිත තත්ත්වයට පත්ව දැනට වෛද්‍ය හේතූන් මත විශ්‍රාම ගොස් සිටින පුද්ගලයින් සහ යුද්ධයේදී මියගිය රණවිරුවන්ගේ යැපෙන්නන් වෙත මෙම සංශෝධිත සලාක දීමනා ලබාදීමට නියමිතයි.
ඒ සම්බන්ධයෙන් අනියත බියක් ඇතිකර නොගන්නා ලෙසට රණවිරුවන් සහ රණවිරු පවුල් වෙතින් ඉල්ලා සිටින බව එම අමාත්‍යාංශය වැඩිදුරටත් පවසයි.