මඩකලපු වාලච්චේන ප්රදේශයේ සිදු වූ රිය අනතුරකින් වයස අවුරුදු හයක කුඩා දරුවකු මරණයට පත්ව ඇත.
බීමත් රියදුරකු විසින් පදවන ලද බවුසර රථයකට යට වී මෙම දරුවා මරණයට පත්ව තිබේ.
අනතුරෙන් පසු ප්රදේශවාසීන් විසින් අදාළ රථයට ගිනි තබා ඇති අතර රියදුරා සහ සහායකයා පලා යාමේදී ප්රදේශවාසින් විසින් අල්ලා පොලිසියට බාර දී ඇත.
රථයට ගිනි තැබීමෙන් පසු ප්රදේශයේ ඇති වූ උණුසුම් තත්ත්වය පොලිසිය මැදිහත්ව සමනයට පත් කර තිබේ.
