Spread the love

තායිලන්තයේ  පැවැත්වෙන ආසියානු මලල ක්‍රීඩා ශූරතා තරගාවලියේ 400X4 පිරිමි සහාය දිවීමේ ධාවන ඉසව්වේ රන් පදක්කම දිනාගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩකයින් සමත්ව ඇත..

ශ්‍රී ලංකා ක්‍රීඩකයින් එම තරග වටය විනාඩි 3.01.56කින් නිම කෙරිණ.

මේ අතර 400X4කාන්තා සහාය දිවීමේ ධාවන ඉසව්වේ රීදි පදක්කම දිනාගනිමින් ශ්‍රී ලංකා වාර්තාවක් පිහිටුවීමට ක්‍රීඩිකාවන් සමත්ව ඇත‍

ඒ එම තරග ඉසව්ව විනාඩි 3:33.27කින් නිමාකරමින්ය.