නිමල් රාජපක්ෂ -කැලුම් ලියනගේ
රාජ්‍ය සේවයේ තනියෙන් රස්සාව කරගෙන ඉන්න සිද්දවන භාග්‍ය වු අභාග්‍ය කියන ප්‍රධානම නිලධාරී මණ්ඩලයේ කට්ටිය තමයි දුම්රිය නියාමක මහතුන් කියන්නේ යැයි අතිරේක දුම්රිය සාමාන්‍යාධිකාරී මෙහෙයුම් පී.ඩී.එස් .බණ්ඩාර චන්ද්‍රසේන මහතා පැවසුවේය.
බණ්ඩාර චන්ද්‍රසේන මහතා එසේ පැවසුවේ කඩවත රෝස් ගාඩ්න් හෝටලයේ පැවැති 64 වැනි දුම්රිය නියාමක සංගමයේ නිලවරණයට පැමිණි අවස්ථාවේදීය.
තව දුරටත් අදහස් දැක්වු අතිරේක දුම්රිය සමාන්‍යාධිකාරීවරයා,
නියාමක මහතුන් කොපමණ තනියෙන්ද රස්සාව තරන්නේ. දුම්රිය දෙපාර්තමේන්තුව තනියෙන් මගීන් සීයයක් දෙසීයයක් අරගෙන ඉතා දුරබැහැර කදු පංතියක් අස්සෙන් ගෙස් සමරවිට තැනි තලාවක් අසසේන් කිසිදු සහයක් නොමැති ස්ථානයක ඒ මගී යත්ත්‍රය හා මේ සියළු දේවල් වගකිම දරාගෙන රාජකාරි කරයි.
දුම්රිය දෙපාර්තුමේන්තුව වෙනුවෙන් නියාමක මහතුන් තනියම රාජකාරියඉටු කරන බව ගෞරවයෙන් මතක් කල යුතුයි.අප කවුරුත් රස්සාව කරද්දී කවුරුන් හෝ සහායට සිටිනවා නමුත් නියාමක දෙපලට සහායට දෙන්න උපදෙස් දෙන්න කෙනෙක් නැහැ. ඹහු තුළ පවනිත සුවිශේෂී දක්ෂතාවය මත තීන්දු තීරණ ගතයුතුයි.
තව දුරටත් අදහස් දැක්වු බණ්ඩාර චන්ද්‍රසේන මහතා,
වීඩියෝව නරඹන්න
මෙම අවස්ථාවට අතිරේක දුම්රිය සාමාන්‍යාධිකාරී පරිපාලන දමයන්ති පරණගම,අතිරේක දුම්රිය සාමන්‍යාධිකාරී කාර්මික කේ .කීර්ති හේවාවිතාරණ,නියෝජ්‍ය සමාන්‍යාධිකාරි ගමනා ගමන එන්.ජේ ඉදිපොලගේ,නියෝජ්‍ය සමාන්‍යාධිකාරී ඩඩ්ලිව්. ඩී .රංජිත් පද්මලාල්, ප්‍රධාන ඉංජිනේරු ධාවන බල කේ.ජී.එස් බංඩාර, ප්‍රධාන ඉංජිනේරු මාර්ග හා කර්මාන්ත ඊ.එම්.එස්.පී.කේ. දීගල , හිටපු අතිරේක දුම්රිය සාමාන්‍යාධීකාරී වී.එස් .පොල්වත්තගේ ,දුම්රිය නියාමක සංගමයේ නිවක සභාපති අයි.එච්.එස් ප්‍රනාන්දු , සංගමයේ ප්‍රධාන ලේකම් ප්‍රසාද් යන මහත්ම මහත්මින් ඇතුළු විශ්‍රාමික නියාමක මහතුන් රැසක්ද මෙම අවස්ථාවට සහභාගිවුහ.
NIMAL RAJAPAKSHA -0777 305 751
srarajnews@gmail.com
nimalrajapaksha2@gmail.com
ඹබගේ ආයතන ,ව්‍යාපාරික , කලා කටයුතු හා නිර්මාණ කටයුතු ඉතා පහසු හා අඩුම මිලට පළකර ගැනීම සදහා අප මාධ්‍ය ආයතනය අමතන්න
