Spread the love

උණ රෝගී තත්ත්වය හේතුවෙන් ගාල්ල බන්ධනාගාරයේ රැඳවියෙකුද මියගොස් තිබෙන බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කරයි

මෙම රැඳවියා ගාල්ල කරාපිටිය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඊයේ දිනයේ මියගොස් ඇති බවයි වාර්තා වන්නේ.

රැඳවියා මංකොල්ලකෑමේ සිද්ධියක් සම්බන්ධයෙන් පසුගිය වසරේ දෙසැම්බර් 16 වන දින බන්ධනාගාර ගතවූ අයෙකු බවත්, 29 හැවිරිදි ඔහු කොට්ටවගම ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවත් සඳහන්.

උණ රෝගී තත්ත්වයක් හේතුවෙන් පසුගිය සතියේදී මාතර බන්ධනාගාරයේ රැඳවියන් දෙදෙනෙකුද ජීවිතක්ෂයට පත්වුණා.