Spread the love

මඩාටුගම රැඳවුම් මධ්‍යස්ථානයේ සිටි දැරියන් තිදෙනෙකු එම මධ්‍යස්ථානයෙන් පළාගොස් තිබේ.

පෙරේදා රාත්‍රියේ එම දැරියන් රැඳවුම් මධ්‍යස්ථානයෙන් පළාගොස් ඇති බව මඩාටුගම පොලීසිය සඳහන් කළේය.

අධිකරණ නියෝග මත මඩාටුගම රැඳවුම් මධ්‍යස්ථානයේ රැඳී සිටි එම දැරියන් තිදෙනා තාප්පයෙන් පැන පළාගොස් ඇති බව සඳහන්ය.

ඔවුන් ගලෙන්බිඳුනුවැව, තලාව සහ නොච්චියාගම ප්‍රදේශවල පදිංචිකාරියන් බව පොලීසිය සඳහන් කළේය.

එම දැරියන් පළායාම සම්බන්ධයෙන් ඔවුන්ගේ නිවෙස්වලට ද දැනුම් දී ඇති අතර ඔවුන් සොයාගැනීම සඳහා විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබේ.