නාගොඩ -සුමන
මෙවර මැයි දින පෙළපාලි සඳහා දේශපාලන පක්ෂ රැසකින් බස් රථ අයදුම්කර ඇතිබව ලංකා ගමනා ගමන මණ්ඩලය පවසයි.
ඉල්ලුම් කර ඇති පක්ෂ සඳහා බස් රථ ලබාදෙන ලෙස සියලුම ඩිපෝ වෙත මේවනවිට දැනුම් දී තිබේ.
මුදල් අයකර ගැනීමෙන් පසුව අදාළ බස්රථ නිදහස් කරන ලෙස ඩිපෝ කළමනාකරුවන් වෙත උපදෙස් දී තිබේ.
විශේෂ චාරිකා සඳහා බස් රථ ලබාදීමේ මිල ගණන් යටතේ එම වැඩපිළිවෙල ක්‍රියාත්මක බව වැඩිදුරටත් ලංකා ගමනා ගමන මණ්ඩලය සඳහන් කරයි.
