අම්බලන්තොට – රිදියගම සෆාරී උද්‍යානයේ මාස තුනක් වයසැති සිංහ පැටවුන් හය දෙනාට නම් තැබී ම අද (12) සිදු කෙරුණි.එම සිංහ පැටවුන්ට නම් තැබීම සඳහා ඉදිරිපත් වූ නම් 4,000 ක් අතුරින් තෝරාගත් නම් හයක් තැබීම අද පෙරවරුවේ සිදු කෙරුනේ සත්වොද්‍යාන දෙපාර්තුමේන්තුවේ අධ්යක්ෂ ජෙනරාල් චන්දන රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙනි.ඒ අනුව පිරිමි සිංහ පැටියාට මේඝ යනුවෙන්ද, ගැහැණු සිංහ පැටවුන් පස් දෙනාට ටාරා, අග්‍රා, භූමි, අකීරා, සහ එල්සා යනුවෙන් නම් තැබීමට කටයුතු කර ඇත.එම නම් යෝජනා කළ අයගෙන් තුන්දෙනෙකු එම අවස්ථාවට එක්ව සිටි අතර ඔවුන්ට තිලිණ ප්රදානයක්ද සිදුකර තිබේ.
