Spread the love


නිමල් රාජපක්ෂ
යාපනය එළුවතිව් දූපතට ඔබ්බෙන්වූ පුහුදු ප්‍රදේශයේ සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමකදී, රුපියල් මිලියන පහලොවකට අධික දළ වීථි වටිනාකමකින් යුත් කේරළ කංසා කිලෝ තිස් අටයි (38) ග්‍රෑම් හත්සියයක (700) පමණ තොගයක්, ඊයේ (12) නාවික හමුදා භාරයට ගැනීමට පියවර ගෙන තිබේ.
ඒ අනුව, උතුරු නාවික විධානයට අයත් ශ්‍රී ලංකා නාවික ‍නෞකා එලාර ආයතනය මඟින් යාපනය එළුවතිව් දූපතට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ සිදුකල මෙම විශේෂ සෝදිසි මෙහෙයුමේදී, එම මුහුදු ප්‍රදේශයේ පාවෙමින් තිබූ සැකකටයුතු උරයක් (01) නිරීක්‍ෂණය කර පරීක්‍ෂාවට ලක්කෙරිණි. එහිදී එම උරය තුළ අසුරා තිබූ කේරළ කංසා කිලෝ තිස් අටයි (38) ග්‍රෑම් හත්සියයක (700) පමණ තොගයක් මෙලෙස නාවික හමුදා භාරයට ගෙන ඇත.

නාවික හමුදා මෙහෙයුම් හමුවේ ගොඩබිමට රැගෙන ඒමට නොහැකිව ජාවාරම් කරුවන් විසින් එළුවතිව් මුහුදේ අතහැර දමා යන්නට ඇතැයි සැක කෙරෙණ, නාවික හමුදා භාරයට ගත් මෙම කේරළ කංසා තොගයේ දළ වීථි වටිනාකම රුපියල් මිලියන පහලොවකට (15) අධික වෙතැයි විශ්වාස කෙරේ.

තවද, නාවික හමුදා භාරයට ගත් කේරළ කංසා තොගය ඉදිරි නීතිමය කටයුතු සඳහා කයිට්ස් පොලීසය වෙත භාරදීමට කටයුතු කෙරිණි.