Spread the love

නිමල් රාජපක්ෂ 
මුදල් ආමාත්‍යංශය ශ්‍රී ලංකා රේගුවට මේ වසර සදහා ලබා දී තිබු රුපියල් බිලියන 2115 ක ආදායම් ඉලක්කය මේ වසරේ නොවැම්බර් මස 11 වන දින වනවිට සපුරා වැඩිපුරත් බිලියන දෙකක් උපයා ගෙන ඇතැයි රේගු මාධ්‍ය ප්‍රකාශක , රේගු අධ්‍යක්ෂ චන්දන පුංචිහේවා මහතා පවසයි.
මෙය රේගු ඉතිහාසයේ අපට ලැබුණ විශාලතම ඉලක්කයයි . නමුත් මෙය රේගු ඉතිහාසය පමණක් නොව ලංකාවේ රජයට ආදායම් රැස් කරන දෙපාර්තුමේන්තුව අතරින් වර්ෂයක් ඇතුළත ලගාකර ගත් විශාලතම ඉලක්කය මෙය බවත් , මේ වසරේ තවත් මාස එකහමාරක් ඉතිරි වී ඇති බැවින් ශ්‍රිලංකා රේගුව රුපියල් බිලියන 300 ක් රැස් කර ගැනීමට හැකියාව ඇතැයිද චන්දන පුංචිහේවා මහතා වැඩි දුරටත් පැවසුවේය.
තව දුරටත් අදහස් දැක්වු රේගු මාධ්‍ය ප්‍රකාශකවරයා,
වීඩියෝව නරඹන්න