Spread the love

රේණුක පෙරේරා මහතා මිල්කෝ සමාගමේ සභාපති ධූරයෙන් වහා ඉවත් කරන ලෙස එම සමාගමේ වෘත්තීය සමිති විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව කෘෂිකර්ම හා අමාත්‍ය මහින්ද අමරවීර මහතා විසින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත ඉදිරිපත් කර තිබේ.

සමාගමේ වෘත්තිය සමිති 11ක් විසින් මෙම ලිපිය යොමු කර තිබිණි.

පසුගිය කාලයේ මිල්කෝ සමාගමේ සිදුවූ මුල්‍ය වංචා සම්බන්ධ වෘත්තීය සමිති විසින් අමාත්‍යවරයා දැනුවත් කර ඇති අතර එම මූල්‍ය වංචා සම්බන්ධයෙන් ද පරීක්ෂණ කටයුතු සිදුකරන බවත් අමාත්‍යවරයා කියා සිටියි.