Spread the love

ආගරපතන ප්‍රාදේශීය රෝහලට (25) දින රාත්‍රියේ වතුකම්කරුවන් පිරිසක් ඇතුලු වී නොසන්සුන්කාරි ලෙස හැසිරිම පාලනය කිරිමට ආගරපතන පොලිසිය සමත් වි ඇත.

ආගරපතන පොලිස් වසමට අයත් බඹරකැලේ වත්තේ ඉහළ කොටසේ රොගාතුර වූ අවුරුදු 25 තරුණයෙක් ඉකුත් (23) දින එම රෝහලට ගොස් භාහිර රෝගි අංශයෙන් ප්‍රතිකාර ලබා නිවසට පැමිණ ආපසු (25) දින රෝගී තත්වය උත්සන්න වුන බැවින් එම තරුණයාගේ ඥාතීන් විසින් එම තරුණයාව රෝහල වෙත ඇතුලත් කල පසු එම රෝහලේ වෛද්‍යවරුන් එම රෝගියා පරික්ෂා කර බලා නේවාසිකව ප්‍රතිකාර ලබා දී ඇත.

නේවාසිකව ප්‍රතිකාර ලැබූ තරුණයා (25) රාත්‍රියේ රෝහල තුලම මියයෑම සම්බන්ධයෙන් උරන වූ වතු කම්කරුවන් රෝහල තුලට පිවිස රෝගියාට වෛද්‍යවරුන් ඇතුලු කාර්යමණ්ඩලය නිසි ප්‍රතිකාර ලබා නොදීම හමුවේ රෝගියා මිය ගිය බවට චෝදනා කරමින් රෝහල තුල නොසන්සුන්කාරි ලෙස හැසිරි ඇත.

ආගරපතන පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක ශාන්ත බණ්ඩාර මහතා ඇතුලු පොලිස් නිළධාරින් එම ස්ථානය පැමිණ නොසන්සුන්කාරි ලෙස හැසිරුනු වතුකම්කරුවන් රෝහල් පරිශ්‍රයෙන් ඉවත් කර රෝහලට දැඩි ආරක්ෂාවක් ලබා දී මිය ගිය තරුණයාගේ සිරුර පෂ්චාත් මරණ පරික්ෂණය සදහා නුවරඑලිය දිස්ත්‍රික් මහ රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍යවරයා වෙත යොමු කර ඇත.