ආසියානු කුසලාන විස්සයි20 ක්රිකට් තරගාවලියේ ශ්රී ලංකා – ඇෆ්ගනිස්තාන තරගයේ පළමුව පන්දුවට පහරදුන් ඇෆ්ගනිස්තාන කණ්ඩායම පන්දුවාර 20 තුළදී කඩුලු 7ක් දැවී ලකුණු 169ක් රැස් කළේය.
ඒ අනුව ශ්රී ලංකා කණ්ඩායමට ලකුණු 170ක ජයග්රාහී ඉලක්කක් හිමිවිය.
මෙම ඉලක්කය හඹායාමට හැකිවුවහොත් ශ්රී ලංකාවට පහසුවෙන්ම සුපිරි 4 වටයට පිවිසීමට හැකිවේ.
යම් හෙයකින් පරාජය වුවහොත් එම පරාජය ලකුණු 71ට නොවැඩි විය යුතුය.
මෙම තරගයේ කාසියේ වාසිය දිනූ ඇෆ්ගනිස්තාන නායක රශිඩ් ඛාන් පළමුව පන්දුවට පහරදීමට තීරණය කළේය.
කෙසේ නමුත් නුවන් තුෂාරගේ ආක්රමණශීලි පන්දු යැවීම හමුවේ සැනසිලිදායක ආරම්භයක් ලබාගැනීමට ඔවුන් නොහැකි විය.
පහර 6ක් හා හතරේ පහර 3ක් අන්තර්ගත විය.
ශ්රී ලංකාව වෙනුවෙන් සාර්ථක පන්දු යැවීමක නිතර වූ නුවන් තුෂාර ලකුණු 18කට කඩුලු 4ක් සිය පන්දුවාර 4 තුළදී දවාගත්තේය.
මෙහිදි දුනිත් වෙල්ලාලගේට එරෙහිව ඇෆ්ගනිස්තාන පිතිකරුවන් පන්දුවාර 4 තුළදී ලකුණු 49ක් රැස්කිරීමට සමත් වුවත්, ඔහු පළමු පන්දුවාර තුනටම ලබාදී තිබුණේ ලකුණු 17ක් පමණි.
