Spread the love

රට තුළ ඇතිවී තිබෙන උග්‍ර ලුණු හිඟතාවය මත ආනයනික ලුණු තොග ලැබෙන තෙක් තොග වෙළඳුන් උනන්දුවෙන් බලා සිටිති.

මේ වන විටත් පිටකොටුවේ ලුණු ආනයනකරුවන්ට පෙර ඇනවුම් රැසක් ලැබී ඇති බව ඔවුන් කියති.

ඉන්දියාවේ සිට මෙරටට ලුණු තවත් දින කිහිපයක් ඇතුළත ලැබෙනු ඇති බවත් ඒ පැමිණීමත් සමගම තොග ගැනුම්කරුවන් වෙත එම ලුණු තොග බෙදා හැරීම් හැරීමට කටයුතු කරන බවත් ආනයනකරුවන් කියා සිටිති.

ඉන්දියාවේ සිට මෙම ලුණු තොග ලැබීමත් සමග මෙරට පවතින ලොකු ලුණු හිඟය අවසන් වනු ඇති බවද ආනයනකරුවෝ කියා සිටිති.

රට තුළ මේ වන විට උග‍්‍ර ලුණු හිඟයක් ඇති වී තිබෙන අතර ඇතැම් ස්ථානවල ලුණු කිලෝවක් රුපියල් හාරසීයක් දක්වා වූ ඉහළ මිල ගණන් වලට අලෙවි කරමින් ඇති බවට චෝදනා එල්ල වී තිබේ.