Spread the love

වගා හානි සිදුකරන රිලවුන්ට ඇති සුදුසුම විසඳුම පසුගිය රජය සමයේ තීරණය කළ පරිදි රිලවුන් විදෙස් රටවලට යැවීම බව හිටපු කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර පවසයි

ඒ අනුව වත්මන් රජය කඩිනමින් ක්‍රියාත්මක වී, මෙරට රිලවුන් චීනයේ සත්ත්වෝද්‍යාන සඳහා යැවීම කළ යුතු බවයි මාධ්‍ය වෙත අදහස් දක්වමින් හිටපු අමාත්‍යවරයා සඳහන් කළේ.

තමන් ඒ සඳහා ක්‍රියාත්මක වෙමින් තිබියදී, පරිසරවේදීන් පිරිසක් අධිකරණයට ගොස් එය නතර කිරීමට ​කටයුතු කළ බවද ඔහු සඳහන් කළේය.

එලෙස රිලවුන් ලක්ෂයක් යැවීමට කටයුතු කළහොත් පවතින තත්ත්වය යම් මට්ටමකට හෝ පාලනය කරගත හැකි බවයි හිටපු කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර වැඩිදුරටත් ප්‍රකාශ කළේ.