Spread the love

නාවලපිටිය ප්‍රදේශයේ තේ වත්තක වතු අධිකාරිවරයාගේ එලවළු වගා භුමියේ අටවා තිබු විදුලි රැහනක පැටලි එම එලළුව වගා භුමියේ වැඩ කරමින් සිටි කම්කරුවෙකු ජිවිතක්ෂයට පත් වි ඇති බව නාවලපිටිය පොලිසිය පැවසිය.

මෙසේ ජිවිතක්ෂයට පත් වි ඇත්තේ නාවලපිටිය ක්‍රේහෙඩ් වත්තේ පදිංචිව සිටි සන්නියාගු සෙබස්ටියන් (49) හැවිරිදි දෙදරු පියෙකි.

ජිවිතක්ෂයට පත් තම පියා වතු අධිකාරිවරයාගේ නිල නිවසේ පිහිටි වගා භුමියේ රැකියාවට ගිය බවත්, පසුව වතු පාලන අධිකාරිය වෙතින් පස්වරු 3 ට පමණ පියා හදිසියේ රෝගාතුර වි රෝහල් ගත කල බවත්, ඒ අනුව ජාතික හැදුනුම්පත රැගෙන නාවලපිටිය දිස්ත්‍රික් මහ රෝහල වෙත පැමිණෙන ලෙසට කල දැනුම් දිමක් මත රෝහලට ගිය අවස්තාවේ පියාගේ සිරුර රෝහලේ මෘත ශරිරාගාරයේ තිබු බවයි මියගිය දෙදරු පියාගේ දියණිය නාවලපිටිය පොලිසිය හමුවේ කියා සිටියේ.

එලවළු වගා භුමිය ආරක්ෂා කර ගැනිම සදහා වතු අධිකාරිවරයා එලවළු වගා භුමියේ අනවසරෙන් ඇද තිබු විදුලි රැහැනේ පැටලි තම පියා මියගොස් ඇති බවත්, ඒ වසන් කිරිමට වතු අධිකාරිවරයා කටයුතු කර ඇති බවයි මියගිය දෙදරු පියාගේ ඥාතින් චෝදනා කර සිටින්නේ.

අප මේ සම්බන්ධයෙන් එම වතුයායේ වතු අධිකාරිවරයා සම්බන්ධ කර ගැනිමට උත්සහ කලද එය ව්‍යාප්ත විය.

සිද්ධිය සම්බන්ධයෙන් නාවලපිටිය පොලිසිය වැඩිදුර පරික්ෂණ පවත්වයි.