අරගල සමයේ හානි වූ නිත්‍ය හා චංචල දේපල වෙනුවෙන් මැති ඇමතිවරු ලබාගත් වන්දි මුදල් පිළිබඳව විමර්ශනයක් සිදුකරන ලෙස ඉල්ලමින් අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත.
සිවිල් පුරවැසියෙක් විසින් අදාළ පැමිණිල්ල ඉදිරිපත් කර ඇති බවයි සඳහන් වෙන්නේ.
අදාළ සිදුවීම සම්බන්ධයෙන් විමර්ශනය කර නීතිමය පියවර ගන්නා ලෙසට ඔහු සිය පැමිණිල්ල මඟින් අල්ලස් කොමිසමෙන් ඉල්ලා තිබේ.
