නිමල් රාජපක්ෂ-
දුම්රිය වර්ජනයෙන් ජිවිත දෙකක් මේ වනවිට අහිමී ඇති අතර තුන්වන මගීයා පෙර පිනකට බේරී ඇතැයි මගීහු පවසති .මගීහු එසේ පැවසුවේ දුම්රිය රියදුරන්ගේ ගුණ ගායනා කරමිණි.
රියදුරන්ගේ වර්ජනය හේතුවෙන් තවත් මගියකු බුළුගහගොඩ දුම්රිය ස්ථානය අසළදි අද සවස 5.40 ටපමණ දුම්රියෙන් බිමට වැටි නොමැරී බේරී ඇත්තේ අනුනවයෙනි. කොළඹ කොටුවේ සිට කුරුණෑගල බලා ධාවනය වු දුම්රියේ ඉතා අමාරුවෙන් ඉල්ලී ආ මෙම තරුණයට අනික් පැත්තේ රඹුක්කන බලා ධාවනය වු දුම්රිියේ තම බෑගය පැටලීමෙන් දුම්රිය දෙක අතරට වැටී තුවාල ලබා තිබේ. ඹවුගේ පෙර පිනකට ජීවිතය බේරී තිබේ . වර්ජනය කල රියදුරන් මේ ජිවිත වලට වගකිව යුතුයි යනුවෙන් මගීන් දෙස් දොවොල් තබමින් රාජකාරී නිමවී ජිවිතය පරදුවට තබා ගමන් කළේය.
අනතුරින් තුවාල ලැබුයේ පල්ලවෛල පදිංචි විසිහැවිරිදි චතුර යන තරුණයෙකි. තුවාල ලැබු තරුණයා 1990 ගිලන් රථයෙන් ප්රතිකාර සදහා ගම්පහ රෝහලට ඇතුළු කර තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් රාගම දුම්රිය ආරක්ෂක හමුදාවේ ස්ථානාධිපති එච්.එම්.ටී.පී හේරත් මහතා ඇතුළු නිලධාරීන් සිද්ධිය පිළිබද වැඩි දුර පරික්ෂණ පවත්වයි.
