නිමල් රාජපක්ෂ
ගාල්ල ධීවර වරායේ හදිසියේ හටගත් ගින්නක් නාවික හමුදාවේ සහායෙන් මැඩ පැවැත්වීමට කටයුතු කෙරිණ.
ගාල්ල ධීවර වරාය පරිශ්රයේ, භාවිතයට නොගන්නා ධීවර යාත්රා තබා ඇති අංගනයේ තිබූ යාත්රාවක (01) ඇති වූ හදිසියේ ගින්න හටගෙන තිබිණ .එම ගින්න පැතිරීම වැලක්වීමට දකුණු නාවික විධානයට අයත් ගිණි නිවීමේ කණ්ඩායමක සහය ලබාදීමට අද ( 10) නාවික හමුදාව කටයුතු කෙරිණ.
ඒ අනුව, ගාල්ල ධීවර වරාය පරිශ්රයේ, භාවිතයට නොගන්නා ධීවර යාත්රා තබා ඇති අංගනයේ තිබූ යාත්රාවක හදීසි ගින්නක් හටගෙන ඇති බවට, දකුණු නාවික විධානය වෙත ලද දැනුම්දීමකට වහාම ප්රතිචාර දැක්වූ නාවික හමුදාවථ; ශ්රී ලංකා නාවික නෞකා දක්ෂිණ ආයතනයට අනුයුක්ත ගිණි නිවීමේ කණ්ඩායමක්, ගිනි නිවීමේ රථයක් (01) සහ ජල බවුසර දෙකක් (02) සමඟ එම ගින්න පාලනය කිරීම සඳහා ධීවර වරාය පරිශ්රය වෙත කඩිනමින් යොමු කෙරිණි.
එහිදී, නාවික හමුදා ගිනි නිවීමේ කණ්ඩායම, ගාල්ල මහ නගර සභා ගිනි නිවීමේ ඒකකය හා එක්ව ගාල්ල දිස්ත්රීක් ආපදා කළමනාකරණ ඒකකයේ මෙන්ම ධීවර ප්රජාවගේද සහයෝගයෙන් ධීවර යාත්රා පහක (05) පැතිරෙමින් තිබූ ගින්න මහත් පරිශ්රමයක් යොදා සාර්ථකව පාලනය කිරීමට සමත්විය.
