පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය රාමනාතන් අර්චුනාට නිකුත් කළ වරෙන්තුව ආපසු කැඳවන ලෙස අලුත්කඩේ අංක 6 මහේස්ත්‍රාත් කේමින්ද පෙරේරා අද (28) නියෝග කළා.ඒ පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය අර්චුනා වෙනුවෙන් මෝසම් ගොනු කරමින් නීතිඥවරුන් සිදු කළ ඉල්ලීම සලකා බැලීමෙන් අනතුරුවයි.පසුගිය නඩු දිනයේ නඩුව කැඳවූ අවස්ථාවේදී අධිකරණයේ පෙනී නොසිටීම මත වරෙන්තුවක් නිකුත් වූ අතර යාපනය කොට්ඨාසය භාර ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී හරහා වරෙන්තුව නිකුත් කිරීමට කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් මංජුල රත්නායක පසුදින නියෝගයක් නිකුත් කර තිබුණි.ඒ ඔහු විසින් 2021 වසරේ මාර්තු 22වනදා බේස්ලයින් මාර්ගයේදී ලසන්ක අබේවර්ධන යන අය පැදවූ මෝටර් රථය අනතුරට පත් කර, ඔහුට පහර දී බරපතල තුවාල සිදු කිරීම ඇතුළු චෝදනා යටතේ පවරා තිබූ නඩුවක් කැඳවූ අවස්ථාවේදී අධිකරණයේ පෙනී නොසිටීම මත මෙම වරෙන්තුව නිකුත් කර තිබුණා.සැකකාර පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය රාමනාතන් අර්චුන යන අය දිගින් දිගටම අධිකරණ මඟ හරිමින් සිටීම හේතුවෙන් මෙම වරෙන්තුව නිකුත් කර තිබුණේ.මේ අතර, සැකකාර මන්ත්‍රීවරයා සිය නීතීඥවරයා මාර්ගයෙන් අද (28) අධිකරණයට ඉදිරිපත් වුණා.
