Spread the love

මේ වනවිට මෙරට ජාතික විදුලි පද්ධතියට මෙගාවොට් 1000 ඉක්මවූ ධාරිතාවක් සූර්‍ය බලාගාර වලින් ලැබෙන බව විදුලි බල හා බලශක්ති අමාත්‍යංශය පවසයි.

වහළය මත සවිකර ඇති සූර්ය පැනල මගින් මෙගාවොට් 944ක විදුලි ධාරිතාවක් උත්පාදනය කෙරේ.

බිම්ගත සූර්ය පැනල මගින් මෙගාවොට් 156ක් විදුලි ධාරිතාවක් ජාතික පද්ධතියට එකතු කර ඇති බව එම අමාත්‍යංශය පවසයි.

මෙම වසර අවසන් වනවිට වහළය මත සූර්ය පැනල මගින් පමණක් මෙගාවොට් 1000 ඉක්මවූ විදුලි උත්පාදනයක් ජාතික පද්ධතියට එකතු කිරීමට සැලසුම් කර තිබේ.

විදුලිබල මණ්ඩලයේ දීර්ඝ කාලීන උත්පාදන සැලසුම අනුව ඉදිරි වසර 04 තුළ සෑම වසරකම වහළය මත සූර්ය පැනල මගින් මෙගාවොට් 150 බැගින් ජාතික පද්ධතියට එකතු කිරීමට සැලසුම් කර තිබේ.

මෙම වසරේ පළමු මාස 05 තුළ පමණක් වහළය මත සූර්ය පැනල මගින් මෙගාවොට් 132ක් ජාතික පද්ධතියට එකතු කිරීමට හැකිවී ඇති බව විදුලි බල හා බලශක්ති අමාත්‍යංශය වැඩිදුරටත් පවසයි.