නිමල් රාජපක්ෂ-
.
නෙදර්ලන්තය හා ඇමෙරිකාවේ සිට මෙරට ව්‍යාජ ලිපිනයන් වෙත එවා තිබු පාර්සල් 9 ක් පරික්ෂා කිරීමේදී රුපියල් මිලියන 70 ක් වටිනා මත්ද්‍රව්‍ය තොගයක් සීදුව ප්‍රදේශයේ පිහිටි කුරියර් භාණ්ඩ නිෂ්කාශන ආයතනයක තුළ දි රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය තොගයේ මෙතන්පිටමයින් අඩංගු මත් පෙති 2000 ක් හා kush නැමැති ගංජා විශේෂය 4kg, magic mushroom නැමැති මත් ද්‍රව්‍ය අඩංගු හතු විශේෂය 300g හා මත් ද්‍රව්‍ය අන්තර්ගත චොකලට් ප්‍රමාණයක් සොයා ගත් බව රේගු මාධ්‍ය ප්‍රකාශකවරයා පවසයි.
මෙම පාර්සල් නෙදර්ලන්තය හා ඇමරිකාවේ සිට කොළඹ , මහරගම හා පිලියන්දල යන ප්‍රදේශ වල පදිංචි පුද්ගලයන් වෙත එවා තිබිණි . පසුව සොයා බැලීමේදී මේවා ව්‍යාජ ලිපිනයන් බව තහවුරු කර ගෙන ඇත.
රේගුව මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් අත්අඩංගුවට ගත් මෙම මත්ද්‍රව්‍ය වැඩිදුර විමර්ශන කටයුතු සඳහා පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයට භාරදීමට නියමිතය .
