අභ්‍යාස පොත්, පාසැල් උපකරණ මිල යළි ඉහළ යාමේ අවදානමක් ඇතැයි නිෂ්පාදකයින් පවසනවා. මෑතකදී සිදුකළ විදුලි බිල වැඩිකිරීම ඊට ආසන්නතම හේතුවයි.
එමෙන්ම ලබන වසරේ සිට වැට් බදු වැඩි කිරීම හමුවේ ද අභ්‍යාස පොත්, පෑන්, පැන්සල් ඇතුළු ලිපිද්‍රව්‍ය මෙන්ම සපත්තු, බෑග් මිල ද ඉහළ යා හැකි බවයි නිෂ්පාදකයින් පවසන්නේ.
මේවනවිට රජය නිල වශයෙන් ප්‍රකාශයට පත් කර ඇත්තේ ලබන වසරේ ජනවාරි 01 වනදා සිට එකතු කළ අගය මත බද්ද හෙවත් වැට් බද්ද සියයට 18 ක් දක්වා ඉහළ නංවන බවයි.
ඒ අනුව එහි බලපෑම අධ්‍යාපන ක්ෂේත්රයට එල්ල වන ආකාරය පිළිබඳ නෙත් නිවුස් සොයා බැලීමක් කළා. අප කළ විමසීමකට ප්‍රතිචාර දැක්වූ අභ්‍යාස පොත් මුද්‍රණ ආයතන හා පෑන්, පැන්සල් ඇතුළු ලිපිද්‍රව්‍ය මෙන්ම සපත්තු හා බෑග් බෙදාහරින ආයතන ද පැවසුවේ වැට් බදු වැඩිවීම මෙම සියලු අංශ සඳහා බලපාන බවයි.
පාසල් කාණ්ඩයේ යැයි විශේෂිත බදු අඩු කිරීමක් සිදුකර නොමැති බවයි ඉමාෂි ප්‍රකාශන ආයතනයේ කළමනාකාර අධ්යක්ෂ විමල් දිසානායක පැවසුවේ.
එබැවින් වැට් බදු වැඩිවීම පාසැල් පෙළ පොත් ක්ෂේත්රයට ද අනිවාර්යයෙන් බලපාන බව ඔහු කියා සිටියා.
