දායකයන් සමග උරණ වී භික්ෂුවක තමන් වැඩ විසූ විහාරයේ වැසිකිළි පෝච්චිය පවා ගලවාගෙන ගිය සිද්ධියක් මිහින්තලේ ප්රදේශයේ ගම්මානයකින් වාර්තා වේ.
අදාළ භික්ෂුව විහාරස්ථානයේ තිබූ ශීතකරණය ද තම නැගණියගේ විවාහ මංගල උත්සවය දා දෑවැද්දට දුන් බව දායකයන් පැවසූ බව අප වාර්තාකරු සඳහන් කළේ ය.
එසේ ම, පසුගිය සැප්. 24 වන දා වෙනත් භික්ෂූන් වහන්සේ නමක් මෙම විහාරස්ථානයේ අධිපති ලෙස පත් කළ බව වාර්තාකරු පැවසීය.
එය ආරංචි වීමෙන් පසුව විහාරස්ථානයට පැමිණ අදාළ භික්ෂුව තමන් වැඩ විසූ කාලය තුළ ඉදි කරන ලද වැසිකිළි කිහිපයක වැසිකිළි පෝච්චි, එහි දොරවල්, මල් පෝච්චි, ධර්ම ශාලාවේ එක් කාමරයක තිබූ සිවිලිම හා දොර, පන්සලට පූජා කර තිබූ පැදුරු කොට්ට, පූජා භාණ්ඩ ඇතුළු බඩු බාහිරාදිය උන් වහන්සේට හිතවත් දායකයන් හා එක්ව රැගෙන ගොස් ඇති බව අප වාර්තාකරු වැඩිදුරට ත් සඳහන් කළේ ය.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් මිහින්තලේ පොලිසියෙන් විමසීමක් කළ අතර, එම පොලිසිය පැවසුවේ, එවැනි සිද්ධියක් වාර්තා වී ඇති අතර, ඒ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ ආරම්භ කර ඇති බවයි පොලිසිය කියා සිටියේ.
