Spread the love

නාගොඩ -සුමන

යෝජිත විකාශන අධිකාරී පනත් කෙටුම්පත පිළිබඳ විද්‍යුත් මාධ්‍ය ආයතන නියෝජිතයින්ගේ අදහස් ලබා ගැනීම අද (07) සිදුවන බව ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් අනූෂ පැල්පිට මහතා පැවසීය.

ඒ සඳහා සාකච්ඡාවක් අද පස්වරු 02.00 ට පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවැත්වෙයි.

ඒ සඳහා පනත් කෙටුම්පත සැකසූ කැබිනට් අනුකමිටුවේ සාමාජිකයින් වන ආචාර්ය විජේදාස රාජපක්ෂ, ආචාර්ය බන්දුල ගුණවර්ධන, නිමල් සිරිපාල ද සිල්වා, කෙහෙළිය රඹුක්වැල්ල හා මනූෂ නානායක්කාර යන මහත්වරුන් සහභාගිවීමට නියමිත බව පැවසීය.

සාකච්ඡාව සදහා දිවයිනේ බලපත්‍රලාභි සියලු විද්‍යුත් මාධ්‍ය ආයතන ප්‍රධානීන්ට ඇරයුම් කර තිබේ.
යෝජිත විකාශන අධිකාරී පනත් කෙටුම්පත සම්බන්ධයෙන් විද්‍යුත් මාධ්‍ය ආයතන ඉදිරිපත් කරන සංශෝධන මෙම හමුවේදී සාකච්ඡාවට ලක් කිරීමට නියමිත බව ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා වැඩිදුරටත් පැවසීය.

ගාල්ල – නාගොඩ සුමන උදයන්ත