නිමල් රාජපක්ෂ
ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් විදෙස් ගත ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් හා ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින්ගේ සුභසාධනය වෙනුවෙන් 2025 වසර තුළදී රුපියල් බිලියනයකට අධික ප්රතිලාභ ලබාදී තිබේ.
2025 වසරේ ජනවාරි සිට නොවැම්බර් මාසය දක්වා විගමණික ශ්‍රමිකයින් 326,246 දෙනෙකු වෙනුවෙන් රුපියල් මිලියන 964.30 ක ආධාර කාර්යාංශය මගින් ලබාදී ඇත.
රැකියා සඳහා විදේශ ගතවන ශ්‍රමිකයින් වෙනුවෙන් කාර්යාංශය මගින් නොමිලේ රක්ෂණාවරණයක් ලබාදෙනු ලබන අතර, එම රක්ෂණාවරණය ලබාගැනීම සඳහා ශ්‍රමිකයින් 318,209 දෙනෙකු වෙනුවෙන් රුපියල් මිලියන 397 ක මුදලක් 2025 වර්ෂයේදී කාර්යාංශය විසින් ගෙවා තිබේ.
එසේම විදේශ ගත ශ්‍රමිකයින්ගේ පාසල් අධ්‍යාපනය ලබන දරුවන් 1628 දෙනෙකු වෙනුවෙන් රුපියල් මිලියන 50.88 ක මුදලක් ශිෂ්‍යාධාර වශයෙන් ගෙවා ඇති අතර, තවත් දරුවන් 4304 දෙනෙකු වෙනුවෙන් පාසල් උපකරණ ලබාදීම සඳහා රුපියල් මිලියන 50.25 ක මුදලක් කාර්යාංශය මගින් වැය කර ඇත.
මීට අමතරව විදේශ රැකියාව අතරතුරදී සිදුවන මරණ හා රෝගාබාධ වෙනුවෙන්ද, විදේශ රැකියාව අවසන් කර යලි දිවයිනට පැමිණීමෙන් අනතුරුව ස්වයං රැකියාවක් ආරම්භ කිරීමටද, පවුල්වල සාමාජිකයින්ට සෞඛ්‍යාධාර සඳහාද, බහුවිධ ණය යෝජනා ක්‍රමයට හා සේවක සුභසාධක අරමුදල මගින් ගෙවීම් කිරීම වැනි සුභසාධන කටයුතු සඳහා කාර්යාංශය මගින් පසුගිය වර්ෂයේදී මුදල් වැය කර තිබේ.
ඊට අමතරව විදේශ රැකියා වංචාකරුවන්ට හසුවී කාර්යාංශය වෙත පැමිණිලි කරන ලද පුද්ගලයින් වෙනුවෙන් නඩු පවරා රුපියල් මිලියන 374ට අධික මුදලක් යළි අයකරදීමටද කාර්යාංශය පියවර ගෙන ඇත.
විදේශ රැකියා ක්ෂේත්රය සම්බන්ධව මහජනතාවට අවශ්‍ය තොරතුරු දැනගැනීම වෙනුවෙන් ස්ථාපිත කර ඇති කාර්යාංශයේ 24 පැය තොරතුරු මධ්‍යස්ථානය නව පහසුකම්වලින් සමන්විත අයුරින් නවීකරණය කිරීමටද කාර්යාංශය පියවර ගත් අතර, එමගින් වඩාත් කාර්යක්ෂම හා විශ්වාසදායී සේවාවක් මහජනතාවට ලබාදීමට හැකිවී තිබේ.
මේ අතර, වසර 40ක විදේශ රැකියා ඉතිහාසය තුළ වැඩිම විදේශ ශ්‍රමික ප්‍රේෂණ ප්‍රමාණය පසුගිය වසරෙදී මෙරටට ලැබුණු අතර, එම ප්‍රමාණය ඇමරිකානු ඩොලර් බිලියන 8.07 කි. එය රුපියල් බිලියන 2432 ක අගයක් වන අතර 2024 වර්ෂය හා සැසඳීමේදී මෙය සියයට 22.8ක ඉහළ වර්ධනයකි.
වත්මන් රජය ගත් ප්‍රතිපත්තිමය තීරණයක් අනුව ගුණාත්මක තත්ත්වයෙන් යුතු පුහුණු ශ්‍රමිකයන් විදේශගත කිරීමට කාර්යාංශය පියවර රැසක් ගන්නා ලදී. ඒ අනුව පසුගිය වසරේදී 311,139 ක ශ්‍රී ලාංකිකයන් පිරිසක් රැකියා සඳහා විදේශගත විය.
විගමණික ශ්‍රමික පවුල් වෙත බිලියනයකට අධික ප්රතිලාභ කාර්යාංශයෙන්…
රටවිරු ප්‍රේෂණ 2025 දී රුපියල් බිලියන 2432ක්