සංචාරක කර්මාන්තය හා විදෙස්ගත ශ්‍රමිකයන් හරහා, 2023 වසරේ ගත වූ මාස 08 ක කාලය තුළ දී එක්සත් ජනපද ඩොලර් මිලියන 5,167.2 ක් හෙවත් ඩොලර් බිලියන 5.16 ක විදේශ විනිමය ප්‍රමාණයක් මෙරටට ලැබී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුවේ නවතම සංඛ්‍යාලේඛන පෙන්වා දේ.
එහිදී 2023 ජනවාරි සිට අගෝස්තු දක්වා කාලපරිච්ඡේදය තුළ සමස්ත සංචාරක ඉපැයීම් ඩොලර් මිලියන 1,304.5 ක් ලෙසින් වාර්තා වන අතර මෙම වකවානුව තුළ දී විදෙස්ගත ශ්‍රමික ප්‍රේෂණ ප්‍රමාණය ඩොලර් මිලියන 3,862.7 ක් ලෙසින් වාර්තා වේ.
මහ බැංකුව නිකුත් කළ නවතම සංඛ්‍යාලේඛනවලට අනුව පසුගිය 2023 අගෝස්තු මාසයේ සංචරක ඉපැයීම් ඩොලර් මිලියන 210.5 ක් ලෙසින් සටහන් වන අතර අගෝස්තු මාසයේ ලද විදෙස් ශ්‍රමික ප්‍රේෂණ ඩොලර් මිලියන 499.2 කි.