මළ අපද්‍රව්‍ය බොල්ගොඩ ගඟට බණ්ඩාරගම හෝටලයකිිි න් මුදාහැරීමට එරෙහිව පැවති විරෝධතාවයක් අතරතුරදී එම ස්ථානය පෙන්වීමට ගිය පුද්ගලයෙකු හදිසියේ ඇතිවූ රෝගී තත්ත්වයක් හේතුවෙන් අවාසනාවන්ත ලෙස මියගොස් තිබේ.
මෙලෙස මියගොස් ඇත්තේ බණ්ඩාරගම බොල්ගොඩ පදිංචිව සිටි 52 හැවිරිදි වියේ පසුවූ තිදරු පියෙකි.
මධ්‍යම පරිසර අධිකාරියේ නිලධාරීන් පිරිසක් අදාළ හෝටලය වෙත පැමිණ සිටි අවස්ථාවේදී තවත් ගම්වාසින් පිරිසක් සමග එහි පැමිණි මියගිය පුද්ගලයා මෙලෙස මළ අපද්‍රව්‍ය බොල්ගොඩ ගඟට මුදාහැරීමට එරෙහිව විරෝධය පළකර තිබේ.
එහි සිටි පිරිස ඔහුව කඩිනමින් බණ්ඩාරගම දිසා රෝහල වෙත ඇතුළත් කිරීමට පියවර ගෙන තිබූ අතර එහිදීයි ඔහු මෙලස මියගොස් ඇත්තේ.
එම පුද්ගලයා රෝගී වී ඇදවැටෙන අයුරු කැමරාවේ පටිගතව තිබූ අයුරු ඉහතින්.
