සරම්ප රෝගය සදහා විශේෂ එන්නත් ලබාදීමේ වැඩසටහන අද (06) පෙරවරු 09.00 සිට පස්වරු 04.00 දක්වා පැවැත්වෙන බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා පැවසීය.
දිස්ත්‍රික්ක 09 සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස මට්ටමින් මාස 06-09 ළදරුවන් සඳහා සරම්ප එන්නත් මාත්‍රාව ලබාදීමට නියමිතයි.
කිසිදු සරම්ප එන්නත් මාත්‍රාවක් ලබා ගෙන නොමැති වැඩිහිටියන් සදහා ද එන්නත ලබාදීමට නියමිතයි.
සරම්ප රෝගීන් වැඩි වශයෙන් වාර්තා වන කොළඹ, ගම්පහ, කළුතර, ගාල්ල, මාතර, මහනුවර, යාපනය, කුරුණෑගල හා කල්මුණේ යන ප්‍රදේශවල මෙම එන්නත් වැඩසටහන ක්‍රියාත්මක කිරීමට නියමිත බව පැවසීය.
සරම්ප රෝගය සඳහා මාස 09 සහ අවුරුදු 03දී එන්නත් මාත්‍රා ලබාදීම සිදුවෙයි.
එලෙස විවිධ හේතු මත එන්නත් මාත්‍රා නොගත් පිරිස් වෙත හෙට දිනයේ එන්නත් මාත්‍රා ලබාදීමට නියමිතයි.
ශ්‍රී ලංකාව සරම්ප රෝගය තුරන් කළ රටක් ලෙස 2019 වසරේදී ලෝක සෞඛ්‍ය සංවිධානයේ සහතිකය හිමිව තිබුණි.
