Spread the love


නිමල් රාජපක්ෂ

2022 යල කන්නයේ දී වගා හානි සිදු වූ ගොවීන්ට වන්දි ලබා දීම සඳහා රජය රුපියල් මිලියන 70ක මුදලක් වෙන් කර ඇතැයි කෘෂිකර්ම ඇමති මහින්ද අමරවීර මහතා පවසයි.

මෙම වන්දි මුදල් කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය මගින් ලබා දීමේ වැඩ සටහන පසුගියදා අමාත්‍යවරයාගේ සහභාගිත්වයෙන් හම්බන්තොට දී ආරම්භ විය. ඒ අනුව තිස්සමහාරාම හා වීරකැටිය ප්‍රදේශවල වගාහානි සිදු වූ ගොවීන්ට වන්දි පිරිනැමීම සිදුවිය.
2022 යල කන්නයේ වගා හානි සිදුවූ ගොවීන් 3499 දෙනෙකුට වන්දි ලබා දීමට කටයුතු යොදා ඇති අතර හානියට ලක් ව තිබු කුඹුරු ප්‍රමාණය අක්කර 3326කි. මින් වැඩිම වගා හානි ප්‍රමාණයක් වාර්තා වී තිබෙන්නේ අනුරාධපුර, පොලොන්නරුව, මොණරාගල, මඩකලපුව, හම්බන්තොට හා ත්‍රිකුණාමලය යන ප්‍රදේශ වලිනි.

හම්බන්තොට දිස්ත්‍රික්කයේ මීගහජඳුර, මයුරපුර, අම්බලන්තොට හා වීරවිල යන ප්‍රදේශවල වගාහානි සිදුවූ ගොවීන් 89 දෙනෙකුට රුපියල් විසිහත්ලක්ෂ හැත්තෑ දෙදහස් නවසීයක මුදලක් (2,772,900ක) වන්දි වශයෙන් පිරිනමන ලදී.

කෙසේ වුවද වී, මිරිස්, අර්තාපල්, බඩඉරිඟු, ලූණු හා සෝයා බෝංචි සදහා වගා හානිවීමක දී හෙක්ටයාර් 01ක් සඳහා නොමිලයේ ලබා දෙන රුපියල් ලක්ෂයක වන්දිය අඛණ්ඩව ලබා දෙන බව ද එම මණ්ඩලය පවසයි.