Spread the love

වෙළදපොල තුළ තිබෙන සෝස් වර්ග කිහිපයක් සම්බන්ධයෙන් සිදු කරනු ලැබූ පරීක්ෂාවන් කිහිපයකින් තක්කාලි සෝස්වල තක්කාලි නොමැති බව අනාවරණය වූ බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ භාණ්ඩාගාරික රොෂාන් කුමාර මහතා පවසා සිටී.

විශේෂයෙන්ම වෙළදපොලේ පවතින මෙම සෝස්වර්ගවල සුදු සීනීවලට වර්ණක යොදා ශරීරයට අහිතකර රතු සිනී බවට පරිවර්තනය කර ඇති බව ඒ මහතා කියා සිටී.

මේ අතර මිරිස් කුඩු කහ කුඩුවලට පිෂ්ටය සහ ලුණු කවලම් කර ඇති බව ද අනාවරණය වී තිබේ.