Spread the love

2025.03.10 වන දින අනුරාධපුර පොලිස් ස්ථානයට වාර්තා වු අනුරාධපුර ශික්ෂණ රෝහලේ වෛද්‍ය නේවාසිකාගාරයට අයුතු ලෙස ඇතුල් වී වෛද්‍යවරියෙකුගේ ගෙලට පිහියක් තබා බිය ගන්වා ස්ත්‍රී දූෂණය හා බරපතල ලිංගික අපයෝජනයක් සිදු කර ඇයගේ ජංගම දුරකථනය කොල්ලකා පලායාමේ අපරාධය සම්බන්ධයෙන් අනුරාධපුර මූලස්ථාන පොලිසිය මඟින් විමර්‌ශන සිදු කර එම සැකකරු අත්අඩංගුවට ගෙන තිබුණි.

මෙම අපරාධ සම්බන්ධයෙන් සැකකරුගෙන් අනාවරණය කරගත් තොරතුරු මතසැකකරුට මෙම අපරාධයෙන් පසු සැඟව සිටීමට ආධාර අනුබලදීම හා කොල්ලකන ලද දුරකථනය ලග තබා ගැනීම සම්බන්ධයෙන් සැකකාරියක් 2025.03.12 දින රාත්‍රි කාළයේ අනුරාධපුර පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගන්නා ලදී.

සැකකාරිය වයස අවුරුදු 37 ක් වන ඇල පාර, ගල්නෑව ප්‍රදේශයේ පදිංචි සැකකරුගේ සහෝදරියකි.

අනුරාධපුර මූලස්ථාන පොලිසිය වැඩිදුර විර්මශන සිදු කරනු ලබයි.