රැකියා බලපත්‍ර ක්‍රමය යටතේ මෙරට ශ්‍රමිකයින් 78,000කට අධික පිරිසක් කොරියානු රැකියා සඳහා පිටත්ව ගොස් ඇති බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි.
ඒ අනුව 2004 වසරේ සිට 2024 දක්වා කාලය තුළ එම ක්‍රමය යටතේ කොරියානු රැකියා සඳහා 78,153 දෙනෙකු පිටත්ව ගොස් ඇති බව එම කාර්යංශය පැවසුවේය.
එමෙන්ම මේ වසරේ ජනවාරි මාසයේ සිට ඊයේ (18) දිනය දක්වා කාලය තුළ රැකියාලාභීන් 710 දෙනෙකු කොරියානු රැකියා සඳහා පිටත්ව ගොස් තිබේ.
