කාන්තාවන් දෙදෙනෙකු සමග වන්දනාවේ පැමිණ ශ්රී පාද උඩ මළුවෙන් පහළට පැන අතුරුදන් වූ දිනේෂ් හේමන්ත නමැති තරුණයා ඊයේ උදෑසන ශ්රී පාද රක්ෂිතයට ආසන්නයේ නල්ලතන්නිය පොලිස් වසමට අයත් මරේ වතු යායේ රාජමලේ ප්රදේශයේ සිටිනු දැක වතු කම්කරුවන් පිරිසක් නල්ලතන්නිය පොලිස් ස්ථානය වෙත රැගෙනවිත් භාරදී තිබේ.
වයස අවුරුදු 33 ක සූරියවැව ප්රදේශයේ පදිංචි තරුණයා පොලිස් නිලධාරීන් ප්රතිකාර සඳහා මස්කෙළිය රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව දික්ඔය මූලික රෝහල වෙත මාරුකර යවා තිබේ.
තරුණයා සෙවීම සඳහා යුද හමුදාව සහ පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් දින 3ක් තිස්සේ විශේෂ මෙහෙයුමක් සිදුකර පසුව එම මෙහෙයුම අත්හැර දැමීය.
